gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘22 සම්මත කලොත් ඡන්දය කල් දා දෙන්නම්’- ජනාධිපති පොහොට්ටු මන්ත‍්‍රින්ට කියලා

කාරක සභා අවස්ථාවේ දී රටට අහිතකර සංශෝධන ඇතුළත් නොකළහොත් ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට, අගමැති – ජනපති පුටුවට යෑමේ ඉඩකඩ අහිමි කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය හිමි වන බව ජානිපෙ ජාතික සංවිධායක, උත්තර ලංකා සභාගයේ විධායක සභික, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා මෙසේ ද සඳහන් කළේය.

‘සම්මත වුණොත් බැසිල්ට බැහැ’

“අදත් හෙටත් විවාදයට ගැනෙන, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය විවාද කොට සම්මත කිරීමට නියමිතව තිබුණේ පසුගිය පාර්ලිමේන්තු සතියේදීයි. ආණ්ඩු පාර්ශ්වය තුළ පැවති මත ගැටුමක් හේතුවෙන් එය කල් දැමීමක් සිදුව තිබෙනවා. ලැබුණු ආරංචි මාර්ග අනුව අපට සැකයක් තිබෙනවා, අද සහ හෙට විවාද කළත් ඡන්ද විමසීමක් නොතියා මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම තවදුරටත් කල් දමාවි, කියා. මීට හේතුව තමයි මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබෙන හැකියාව අහිමි කෙරෙන ප්‍රතිපාදනය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට බැහැ. බැසිල් රාජපක්ෂට යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ අහිමි කෙරෙන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරනවා කෙසේ හෝ 22 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමට.

‘බැසිල්ගේ මෙහෙයුම’

අපට තිබෙන ආරංචි මාර්ග අනුව මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දුරකථනයෙන්, සූම් තාක්ෂණය ඔස්සේ තමන්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් සාකච්ඡාවට කැඳවලා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කෙසේ හෝ වැළැක්වීමට ඔවුන් මෙහෙයවන බව. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය නොලැබෙන බව.

මැතිවරණ කල් දැමීමේ සූදානමක්!

(19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව තියුණු විවාදයක් ඇතිව තිබෙනවා. මෙහිදී බැසිල් රාජපක්ෂට පක්ෂපාතී මන්ත්‍රීවරුන් 22 වැනි සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා තර්ක විතර්ක ගෙන එද්දී ජනාධිපතිවරයාත් අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා. ‘ඔබට ඕනෑ මැතිවරණ කල්දමා ගන්න ද? නමුත් මැතිවරණ කොමිසමේ වත්මන් සභාපතිවරයා සිටින තාක් පළාත් පාලන මැතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ කල්දමා ගැනීමට හැකියාවක් නැහැ.(නිමල් පුංචිහේවා මැතිතුමා ඇතුළු මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිටින තාක් අපට මැතිවරණ කල් දමා ගැනීමට බැහැ.) ඒ නිසා මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා දෙන්න. එවිට අපට පුළුවන් නව මැතිවරණ කොමිසමක් පත් කරන්න” යන තර්කයයි ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ.

දැන් බලන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට වුවමනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ‘බකල්’ කරන්න. ඒ අස්සෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලනවා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගෙන, ව්‍යවස්ථාදායක සභාවේ තමන්ට තිබෙන බල පංගුව පාවිච්චි කරලා කොමිෂන් සභාවලට තමන්ට අභිමත පිරිස් පත් කරන්න. එහිදී මැතිවරණ කොමිසමට පත්කරන තම හිතවතුන් යොදාගෙන මැතිවරණ කල් දමන්න. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ එකිනෙකට පරස්පර කූඨ උවමනාවන් දෙකක් බව පෙනෙනවා.

‘පෙර සූදානම’

ආණ්ඩුව නියෝජනය කරන එම පාර්ශ්වවල ඉහත කී කූඨ උවමනාවන් එසේ තිබියදී වුවත් අපි උත්තර ලංකා සභාගය සහ ජාතික නිදහස් පෙරමුණ ලෙස විශ්වාස කරනවා, ‘මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම හරහා ද්විත්ව පුරවැසියන්ට, ඇමරිකානු හෝ කවරාකාරයේ විජාතික පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු, අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ලෙස පත් වීමේ ඉඩකඩ අහිමි කළ යුතුයි. එය ජාතික වගකීමක්’ කියා. ඒ වගේම අපි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට යෝජනා කළා, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන හැර වෙන කිසිදු සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකොට එය සම්මත කළ යුතුයි. එසේම ආණ්ඩු පක්ෂය, විපක්ෂය ඉදිරිපත් කරන වෙනත් සංශෝධන ඇත්නම් ඒවා සියල්ල අද සවස විවාදය සම්පූර්ණ වීමට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම දිය යුතුයි’ කියා. එය එම උපදේශක කාරක සභාවේදී සම්මත වුණා. ඒ අනුව අද සවස ඒ සියලු සංශෝධන මන්ත්‍රීවරුන් 225ටම ලැබීමට නියමිතයි. ඒවා අධ්‍යයනය කරලා අපට අවසන් තීරණයකට එළැඹිය හැකියි.

ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ මාර්ගයෙන් දැනුම්වත් කර තිබෙනවා, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදයට දිරිදෙන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ සංශෝධන ඇතුළු කිරීමට පුළුවන්. ඒවා වැළැක්වීමට පියවර ගන්න.’ කියා. ඒ අනුවයි අපි ඉතාම අවධානයෙන් ඉහත කී පෙර සූදානම්වලට පවා ගියේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වෙනත් යටිකූට්ටු සංශෝධන ඇතුළත් කරලා ජාතික සමගියට හානි වන, බෙදුම්වාදය හෝ වෙනත් අන්තවාදයන් පෝෂණය වන ඒකීයභාවයට හානි වන සංශෝධන ගෙන ඒමට අපි ඉඩ තියන්නේ නැහැ.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka