gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්තට වැඩ වරදින ලකුණු! මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුගෙන් සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්!

අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය   පිළිබඳව සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයක්  තුළින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා  අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින්  ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින්  අධිකරණ සේවා  සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. 
දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරු සහ  දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරතවා

එම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් අගෝස්තු මස 23 වනදා මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිදුකල ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගල කරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු  බලය අභියෝගයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණය සතු ගෞරවය හෑල්ලූවට ලක් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  105(3) වගන්තිය යටතේ  වරදක් සිදුකර ඇති බවයි.

ඒ අනුව  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති වරයාට   සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවා  දඩුවම් නොකිරීමට හේතු විමසා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka