gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ඇති අර්බුදවලට අරගලකරුවන් වගකිව යුතුයි... අප ගොඩගත් ආර්ථිකය අරගලය නිසා බිමටම වැටුණා - ප්‍රසන්න රණතුංග

“අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිණි තියන්න නෙවෙයි, අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි, අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතුයි” යනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 03 දින පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිණි.

ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද?. අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා. අරගලවලින් කරන්න ඕන අපිට තියෙන දේවල් නැති කරගන්න එකද එහෙමත් නැත්නම් අපිට අහිමි දේවල් දිනාගන්න එකද කියලා කල්පනා කරන්න ඕන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසුවේය.

රජයක් ලෙස රට සම්බන්ධයෙන් සැලසුම් තිබුණා. වසර අවසානය වන විට රට තිබිය යුත්තේ කොතැනකද කියන දේ ගැන වැඩපිළිවෙලක් අපිට තිබුණා. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසාත් ඒ වැඩපිළිවෙල විනාශ වුනා. මේ ඊනියා අරගලය නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බෙහෝ විසදුම් ලබා ගන්න තිබුණා යනුවෙන්ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka