gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෝන් කීල්ස්-HCL ව්‍යාපෘතියට බදු සහනය දුන්නේ කව්ද? ලිපි ලේඛන ඉල්ලද්දීත් මුදල් කමිටුවට ලිපිලේඛන බාර නොදෙන බලවතා කව්ද? මෛත්‍රී-රනිල් 2015 නවත්වපු කැසිනෝවලට බදු සහන දීම තවම වලංගුද නැද්ද? - හර්ෂ විශාල හෙළිදරව්වක් කරයි!

ලංකාවේ ප්‍රකට ජෝන් කීල්ස් සමාගම සහ HCL ටෙක්නොලොජීස් සමාගම ඒකාබද්ධ ගිවිසුමකින් ආරම්භ කිරීමට ගිය ‘සිනමන් ලයිෆ් කොම්ප්ලෙක්ස්’ නැමැති මහාපරිමාණ ව්‍යාපෘතියකට පසුගිය වසරේ ලබා දුන් දැවැන්ත බදු සහනය වහාම සමාලෝචනය කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අවධාරණය කොට තිබේ. 
‘අයිලන්ඩ්’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සදහන් කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් සමාගම් මත පනවා ඇති නව බද්දට මෙම බදු සහන ලබා දී ඇති සමාගම්ද යටත් කරන ලෙසය.

ආණ්ඩුව සමාගම් ඉලක්ක කර නව බදු සංශෝධනයක් හදුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව බව පෙන්වා දී ඇති ඒ මහතා එම නිසා මෙම සමාගම් දෙකද එම බදු කාණ්ඩයට ඇතුළත් කළ යුතුව ඇති බව පෙන්වා දී ඇත.‍

අනෙක් අතට ලබා දී ඇති මෙම බදු සහන පිළිබදව ඊට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස මුදල් කමිටුව ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබුණද මේ දක්වාම එම ලිපිලේඛන ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද සිල්වා මහතා අවධාරණය කොට තිබේ.

එමෙන්ම සිල්වා මහතා පවසන්නේ මෙම සමාගම්වලට බදු දී ඇති දේපොළ වඩාත් ලාබ ඉපැයිය හැකි වෙනත් උපායමාර්ගිකව වැදගත් ආර්ථික ව්‍යාපෘති සදහා බදු දීමට අවස්ථාව නොලැබීමද ගැටලු සහගත බවකි.

ඉකුත් රජය විසින් ජෝන් කීල්ස් සමාගමට සහ HCL ටෙක්නොලොජීස් සමාගම වෙත මෙම බදු සහනය ලබා දී තිබෙන්නේ වසර 25කට බලපවත්නා පරිදි වන නමුත් රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටී තිබියදී මෙවැනි ආකාරයේ බදු සහන ලබා දී තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය වහාම අත්හිටුවිය යුතු බවත් සිල්වා මහතාගේ ස්ථාවරය වී තිබේ.

එසේ නොකළහොත් ඊට එරෙහිව දැඩි මහජන විරෝධයක් මතුවීම වැළැක්විය නොහැකි බවද සිල්වා මහතා සදහන් කොට ඇත. මෙම සමාගමට ලබා දී ඇති බදු සහනය පිළිබද තොරතුරු වාර්තා වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන සජබ ප්‍රතිපත්තිය රටට දැනුම් දෙන බවද හර්ෂද සිල්වා මහතා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් යහපාලන රජය බිහි ‌කොට දින කිහිපයකින් පසු, එනම් 2015-01-31 වන දින එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කෙරුණු අතර ඉන් විශාල වශයෙන් බදු සහන ලබා දුන් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, සූදු ක්‍රීඩා, විශේෂයෙන් කැසිනෝ ව්‍යාපෘතිවලට ලබා දුන් බදු සහන අත්හිටුවීමට තීරණය කළේය.

Water Front Properties (pvt) Ltd, Lake Leisure Holdings (pvt) Ltd සහ Queensbury Leisure Ltd යන සමාගම් ඇතුලු බදු සහන ලබා දී තිබූ සමාගම් ඉන් ඉවත් කිරීමට එම කැබිනට් පත්‍රිකාව හරහා පියවර ගෙන තිබිණ.

හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කර සිටින්නේ එම කැබිනට් පත්‍රිකාවේ අඩංගු කරුණු මෙම ජෝන් කීල්ස් සමාගමට සහ HCL ටෙක්නොලොජීස් සමාගම්වලට බල නොපන්නේද යන්නය.

2015දී මෛත්‍රී-රනිල් ආණ්ඩුව කරු සමග එක්ව බදු සහන ඉවත් කරමින් සම්මත කළ කැබිනට් පත්‍රිකාව


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka