gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් විදෙස්ගත වෙලා! ZOOM එකෙන් ඡන්දය දෙන්න අවසර ඉල්ලයි!

‘කෝප් කමිටුවේ චන්දය සදහා විදෙස් ගතව සිටින විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට සුම් තාක්ෂනය ඔස්සේ චන්දය ලබා දීමට අවස්ථාව ලබා දෙන්න. කෝප් සහ කෝපා අවසන් වාර්තා නීතිපතිට යවන්නයි මා කළ යෝජනාවට, කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අවසරය ඇතිව නීතිපතිට යොමු කිරීමට ආණ්ඩුවෙන් සංශෝධනයක් ගෙන බව මහා ලේකම්වරයා පැවසුවා.මේක සැලකිය යුතු ජයග‍්‍රහණයක්’ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අස පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මෙම අදහස් පල කර සිටියේය.

ඒ මහතා එහිදී මෙසේද අදහස් පල කරන ලදී.

‘ඇත්ත වශයෙන්ම මේ සංශෝධන කාලෝචිත ඒවා.ජුනි 7 වැනිදා පාර්ලිමේන්තුවේදී මම යෝජනා කෙරුවා පාර්ලිමේන්තුවේ පොදු වියාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සභාපතිකම විපක්ෂයට ලබා දෙන්න කියලා .ඒක පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ජුනි මාසේ 7වැනිදා පිලි ගත්තා.කථානායකතුමා කිව්වා අවශ්‍ය සංශෝධන කරන්න කියලා.නමුත් ඒකට සංශෝධනයක් අද නැ.ඒක තමයි අද තත්වය.දියුණු රටවල ඇමෙරිකාව,යුරෝපය,ජපානය වැනි රටවල විශේෂයෙන්ම මේ මුදල් කාරක සභාව සභාපතිකම දෙන්නේ විපක්ෂයට .ඒක ආණ්ඩුවට හොදයි මොකද කවුරු හරි කෙනක් නීති විරෝධී වැඩ කරනවා නම්,මුදල් හොරකම් කරනවා නම් ඒ මන්ත‍්‍රීවරයා ගැන ආණ්ඩුවට දැනුම් දෙන එක හොද නැද්ද?ඒක ආණ්ඩුවටත් හොදයි රටටත් හොදයි.නමුත් ඒ වෙනස සිද්ද වෙලා නැ.අද උදේ කෝපා කමිටුවේ සභාපතිත්වය කබීර් හෂීම් මන්ත‍්‍රීතුමාට දීලා තියනවා ඒක හොදයි මොකද මේ ආදර්ශය 2002 එක්සත් ජාතික පක්ෂය ලබා දුන්නේ .එදා 2002 ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරයා විපක්ෂයේ හිටියත් එතුමාට කෝප් සභාපතිකම ලබා දුන්නා.යහපාලන ආණ්ඩුව කාලේ ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නා.ජනතා විමුක්ති පෙරමුණේ හෙළිදරව් කිරීම් විශාල පිටුවහලක් වුනා පසුගිය මැතිවරණ ජයග‍්‍රහණ සදහා.

හෙට කෝප් කමිටුවේ සභාපති තේරීම සදහා චන්දයක් තියනවා .මම අද උදේ කථානායකතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා අපේ මන්ත‍්‍රීවරු විශාල ප‍්‍රමාණයක් විදෙස් ගතව සිටින නිසා සුම් තාක්ෂනය ඔස්සේ චන්දය ලබා දෙන්නට අවස්ථාව ලබා දෙන්න කියලා.එතුමා කිව්වා ස්ථාවර නියෝගවල එහෙම නැ කියලා නමුත් එතුමා සුම් තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුව කැදවලා තියනවා.පාර්ලිමේන්තුවේ කටහඩින් චන්දය දෙන්න පුළුවන් ඇත උස්සලා චන්දය දෙන්න පුළුවන් .සුම් එකේ මේ ඔක්කොම පේනවා .අපේ මන්ත‍්‍රීවරු විශාල ප‍්‍රමාණයක් රට ඉන්න නිසා මම ඉල්ලිමක් කරනවා ඒ අයට චන්දය ලබා දෙන්න අවසථාවක් ලබා දෙන්න කියලා.

එදා ජුනි මාසේ 7වැනිදා මම යෝජනාවක් කෙරුවා කෝප් සහ කෝපා අවසන් වාර්තාව නීතිපතිට යවන්න කියලා.මොකද හැම දාම මේවා කතා කරනවා විතරයි.මහ ලේකම් වරයා කිව්වා ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ අවසරය ඇතිව නීතිපතිට යවන්න සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ගේනවා කියලා.ඇත්ත වශයෙන්ම මේක සැලකිය යුතු ජයක්ග‍්‍රහණයක් .මොකද වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ කෝප් කෝපා වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්චා කරා පමණයි ඉදිරියට ගියේ නැ.පසුගිය කාලයේ බැදුම්කර වංචාව ,සිනි වංචාව ,මේ කිසිවක් ඉදිරියට ගියේ නැ.
ඒ වගේම අංශික අධික්ෂණ කාරක සභාව .අංශික අධීක්ෂණ කාරක සභාව ගෙනාවේ යහපාලන ආණ්ඩුව.මේක ගෙන්න හේතුව තමයි උපදේශක කාරක සභාවට ගියාම සාමන්නයෙන් කතා වෙන්නේ සිල්ලර කරුණු.නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිම පනතක් ගැබුරින් අධ්‍යනය වෙන්නේ නැ.යහපාලන ආණ්ඩුව කාලේ මේ අංශික අධික්ෂණ කාරක සභාවට යනවා එතැනදී පනතේ වගන්තියෙන් වගන්තිය සාකච්චා කරනවා මේක ඉතාමත් හොදයි.නමුත් මොකක්ද වුනේ?වත්මන් ආණ්ඩුව ඉස්සෙල්ලාම කලේ අංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවුවා.වසර දෙකක් අත්හිටෙව්වා .හරිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ තේරීම් කාරක සභාවක් හරහා.නමුත් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය හදනකොට නිතිපතිත් නැ ,තේරීම් කාරක සභාවකුත් නැ ජනාධිපතිවරයාගේ නඩු කතා කරපු නීතිඥවරු එකතු වෙලා ව්‍යවස්ථාව හැදුවා.කිසිම කාරක සභාවකට ඉදිරිපත් කරන්නෙත් නැතිව පාර්ලිමේන්තුවට දැම්මා.පාර්ලිමේන්තුවේ කිසිම මන්ත‍්‍රීවරයකු දන්නේ නැ.ආණ්ඩුවට තුනෙන් දෙක තිබුන නිසා සම්මත වුනා.නමුත් මොකක්ද වුනේ?20වැනි සංශෝධනය නිසා පාලකයන් හිතුවක්කාර වුනා.වෙච්ච දේ දැක්කනේ?ප‍්‍රමාද වෙලා හරි අංශික අධීක්ෂණ කාරක සභාව නැවත පිහිටුවීම හොදයි.

එතකොට මුදල් කමිටුව ,ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුව සභාපතිකම දෙන්න ඕනේ අපිටයි.වසර දෙකකට කලින් අපි හර්ෂද සිල්වා මහතා යෝජනා කෙරුවා නමුත් කථානායකතුමා මොකක්ද කරේ?ස්ථාවර නියෝග අත්හිටුවලා ඒ සභාපතිකම දුන්නා ආණ්ඩු පක්ෂයට .ඒකෙන් තමයි අද මේ රට අගාදයට ගියේ .වසර දෙකකට කලින් මේක අපිට දුන්නා නම් අපි වසර දෙකකට කලින් කියනවා රට බංකොලොත් වෙනවා කියලා එහෙම වුනා නම් වසර දෙකකට කලින් ආණ්ඩු පක්ෂයට තිබුනා අයි,එම්.එෆ් එකට යන්න.නමුත් ආණ්ඩු පක්ෂයට මේක දීලා මොකක්ද කිව්වේ ඕනේ තරම් ඩොලර් තියනවා සල්ලි තියනවා කිව්වා.අවසානයේ මැයි මාසේ තමයි අපි දන්නේ ඩොලර් මිලියන 7800න මිලියන 20යි ඉතිරි වෙලා තිබුනේ.මේ ඔක්කොම හෙළිදරව් වෙනවා විපක්ෂයට සභාපතිකම එදා දුන්නා නම් .ඇත්ත වශයෙන්ම විශාල අසාධාරණයක් රටට කෙරුවේ.

අපේ සුසිල් ඇමතිතුමා දේශපාලන කතා කිහිපයක් කිව්වා.එතුමා කිව්වා 71 කැරැුල්ල වෙලාවේ ජන වරම නැති වුනේ නැ කියලා.නමුත් මෙදා තත්වේ වෙනස් .ජනාධිපති,අගමැති,කැබිනට් මණ්ඩලය මේ සියල්ල දාල ගියා.ඒකයි වෙනස.ජනවරමක් නැති අය නැවත පත් වුනා.ජනමතයක් නැති පාලකයන් අද පත් වෙලා ඉන්නේ.

– Media unit


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka