gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂ පවුලේ මෝඩ පුතෙකුට දේශපාලන බලය දී, රටින් යනවද?

පරම්පරා ගාණනක් රට විනාශ කළ රාජපක්ෂ පවුලේ කවුරුහරි මෝඩ පුතෙක් යළි දේශපාලනයේ බලය රැගෙන නැවතත් රට විනාශ කරන මට්ටමට පත් කිරීමට ඉඩ නොදී රැකියා සඳහා විදේශ ගතවන තරුණයන් රට ගැන සිතා නැවත පැමිණීමේ අරමුණෙන් කටයුතු කලයුතු බව 43 සේනාංකය පවසයි. 
එම සංවිධානය මේ බව පවසා සිටියේ ‘රටින් යනවද? ඉඳලා රට හදනවද?’ යන තේමාව යටතේ  43 සේනාංකයේ තරුණ අංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතාත්, ගම්පහ දිස්ත්‍රික් තරුණ අංශයේ සම්බන්ධීකාරක ඉසුරු චන්ද්‍රසේකර මහතාත්, රත්නපුර දිස්ත්‍රික් තරුණ සංවිධායක අමිත් ශ්‍රී පැතුම් දේශප්‍රිය මහතාත් සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා;

“තමන් ගෙදරින් ගේන කෑම එක හංගන් කන තත්වයට අද පත්වෙලා තියෙන්නේ. සමස්ත ජනගහනයෙන් 20% විතරයි අවස්ථාව තියෙන්නේ පෝෂදායි ආහාර වේලක් ගන්න. නමුත් අපි රාජ්‍ය නිලධාරීන් ආහාර සුරක්ෂිතතාවය, මන්ද පෝෂණය ගැන පුළුවන් තරම් බොරු ටික කියනවා. නමුත් යථාර්ථය මුහුණ දෙන්නේ දුගී දුප්පත් පැල. මධ්‍යම පාන්තික, මාසික පඩියක් ගන්න අය. ඇමතිවරුත්, පුතාලත් ෆුල් ෆන් එකේ ඉන්නේ. දැක්කනේ යාල මේ දවස්වල මොකද වුනේ? අපේ මෝටර් සයිකලය තියෙන තරුණයෙක්ට පුළුවන්ද තෙල් ටිකක් ගහගන්න, තාත්තට බෙහෙත් ටික ගන්න සල්ලි දෙන්න? බෑ. මේ රාජපක්ෂ පරම්පරාව නිර්මාණය කරපු පාදඩ දේශපාලන ස්ථරය විසින් උපරිමයෙන් විනෝද වෙනවා මේ ආර්ථික අර්බුද තුලත්. අපේ ඔළුගෙඩි මිරික මිරික, පාග පාග රාජපක්ෂලා හදපු ඒ පාදඩ දේශපාලනය හොඳට සැපවත්ව ක්‍රියාත්මක වෙනවා. තරුණයෝ නිහඬව ඉන්නේ ඉවසීම තියෙන හින්දා, නිවට හින්දා නෙමෙයි. අපි මේ කාටවත් බයේ හෝ මර්දනයට බයේ නෙමෙයි නිහඬව ඉන්නේ.

අද වෙද්දි රටේ තරුණප්‍රජාව රට යන්න උත්සාහ කරනවා. ඉස්සර නම් අපි කියනවා ආඩම්බරයෙන් මගේ යාළුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. අද ඕස්ට්‍රේලියාවේ මගේ යාළුවෝ කී දෙනෙක් ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. මධ්‍යම පාන්තික උගත් තරුණයෝ ඔක්කොම ටික එක එක රටවලට යනවා. ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව, බංගලිදේශ තරුණ වෘත්තීයවේදීන් දැනුම අතින් ඉතාම පරිපූර්ණ පිරිසක්. මේ පිරිස ලෝකයේ ප්‍රබලම රටවල් පහක් වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව, කැනඩාව, එංගලන්තය වගේ රටවල් වලට ඉතා සීග්‍රයෙන් ඇදී යනවා. ඔවුන්ට නැවත ලංකාවට එන්න හිතෙයිද කියන කාරණාව අපි කල්පනා කරන්න ඕනේ. මේ රටේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා, ඔබට රට යන්න වෙයි. ඔබ රට යනවා නම් මේ රට ගොඩදාන අරමුණින් යන්න. මොකද වෘත්තීයවේදීන් මේ රට අතහැරලා ගියොත් අර පරම්පරා ගාණක් මේ රට කාපු රාජපක්ෂ පවුලේ කවුරුහරි මෝඩ පුතෙක් ඇවිල්ලා දේශපාලනයේ බලය අරගෙන නැවතත් අපි නැත්තටම නැති කරන මට්ටමට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ලොකු වගකීමක් තියෙනවා.”

ඉන් අනතුරුව අදහස් දැක්වූ 43 සේනාංකයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ අංශයේ සම්බන්ධීකාරක ඉසුරු චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ රටම ඩිස්නිලන්තයක් වී තිබෙන මොහොතක ඩිස්නිලන්ත ශාඛා ගෙන එම විහිළුවක් බවයි.

“අද අපෙන් ඇවිල්ලා කවුරුහරි අහන්නේ රට යන හොඳ තැනක් දන්නවද, අඩු ගාණක් දීලා රට යන්න විදිහක් තියෙනවාද? මේ වගේ දෙයක් නවත්තන්න රජයට තියෙන සැලසුම් මොනවද. සවුදි අරාබි රාජ්‍ය 2022 තෙල් වලින් උපයාගන්නා ආදායමට වඩා ආදායමක් ඉන්දියාව මෘදුකාංග තාක්ෂණය මගින් උපයන්න සමත් වෙනවා.ඒ වගේ සැලසුමක් අපේ රජයට තියෙනවද?. අද 75% විතර රජයේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් එළියට එන සිසුන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වැඩකරන සිසුන්. ඔවුන් ගොඩක් වෙලාවට රටට ඩොලර් ගේන ව්‍යාපෘති තමයි කරන්නේ. ඒවාට අවම පහසුකම්වත් රජයෙන් සලසලා දීලා තියෙනවද?

සීනි බදු වංචා, ඇයි අය කරගන්න කිසිම කතාවක්වත් කරන් නැත්තේ? සමහර අමාත්‍යවරු කියනවා ඩිස්නිලන්තයේ ශාඛාවක් මෙහෙට ගේනවා, ගංජා වගාව නීතිගත කරනවා. ඒකත් අන්තිමට අර නෙළුම් කුළුණ, වැඩකට ගන්නැති සම්මන්ත්‍රණ ශාලා වගේ වෙයිද . රටම ඩිස්නිලන්තයක් වෙලා තියෙද්දි ඩිස්නිලන්තයේ ශාඛාවල් මේ රටට ගෙන ගේනවා කියන කතා වෙනුවට තමන්ගේ සේවාව හරියට කරලා රටට ඩොලර් රැගෙන එන්න.”

එමෙන්ම 43 සේනාංකයේ රත්නපුර දිස්ත්‍රික් තරුණ සංවිධායක අමිත් ශ්‍රී පැතුම් දේශප්‍රිය මහතා පවසා සිටියේ ගෝඨාභයගේ ගස්ලබු කෑල්ල කාපු මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව අරගල කළ තරුණයන් පිටුපස පැන්නීම නතර කරන ලෙසයි.

“අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලක්ෂ 10 ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 71,000ට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් 80% නියෝජනය කරන්නේ ඔවුන්. රටේ සේවා නියුක්තියෙන් 50%ට වඩා දායකත්වය දක්වන්නේ මෙම කර්මාන්ත. නමුත් අවාසනාවකට මෙම කර්මාන්ත කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තමයි රටේ කොඳු නාරටිය. නමුත් කොඳු නාරටිය දැන් කඩා වැටිලා.

රටේ නීතියේ ආධිපත්‍ය ඉතා බරපතල විදියට කඩා වැටිලා තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා, පහුගිය ගෙවුනු මාස 09ට රටේ මිනීමැරුම් 534ක් සිද්ධ වෙලා තියෙනවා කියලා. 2021 අවුරුද්දේ මිනීමැරුම් වෙලා තියෙන්නේ ඔක්කොම 521යි. මේ විදිහට ගියොත් අවුරුද්ද අවසාන වෙනකොට මිනීමැරුම් 600 පනින්න පුළුවන්. මිනීමැරුම් වැඩිවෙනවා කියලා කියන්නේ නීතිය හරි රැකවරණයක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ කියන එක. අපි මේ පාලකයින්ගෙන්, පොලීසියෙන් ඉල්ලා සිටිනවා තෙල්, ගෑස්, කිරිපිටි ටික නැතුව පාරට බැහැපු, ඒ අහිංසක මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව ගෝඨාභයගේ ගස්ලබු කෑල්ල කාපු මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව පීඩනය දරාගන්න බැරුව එළියට බැහැපු තාරුණ්‍ය, ත්‍රස්තවාදී පනත වගේ බරපතළ පනත් පාවිච්චි කරලා හිර කරන්නේ නැතුව නීතියේ ආධිපත්‍ය සුරකින්න මැදිහත් වෙන්න.”

Media unit



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka