gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මගේ පුතා යාල පැත්ත පළාතේ ගියේ නෑ... ගියා කියලා ඔප්පු කළොත් ඇමැතිකම අතාරිනවා – ඇමැති අමරවීර

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසාකාරී ලෙස ඩිපෙන්ඩර් පැදවීමේ සිද්ධියට තම පුතාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. 
තමන්ට සිටින්නේ එක ම පුත්‍රයෙකු පමණක් වන අතර ඔහු යාලට තබා ගාල්ලටත් නොගිය බවයි, ඇමැතිවරයා අවධාරණය කළේ.

සිය පුතා පිළිබඳ වගකීම තමා ගන්න අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි සාධක සහිතව ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව ද ඇමැති අමරවීර ප්‍රකාශ කළේය.

වෙනත් කිසිදු කැබිනට් ඇමැතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙම සිද්ධියට සම්බන්ධ යැයි මෙතෙක් තහවුරු වී නොමති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka