gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ඇතුලේ ගේම් පිට ගේම්! රාජ්‍ය ඇමතිවරු රහස් සාකච්ඡාවක – කැබිනට් ඇමතිවරුන්ට ලඟදීම වෙන දේ!

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ රාජ්‍ය ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශවල විෂයන් පැවරීමක් සිදු නොකරන කැබිනට් අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ සම්බන්ධව සිදුකෙරෙන අයවැය විවාදයේදී ඊට සහාය නොදීම පිළිබඳවයි. 
එම රහසිගත සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනකු ද සහභාගී වූ බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම රාජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් එකී සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ට විෂයන් ගණනාවක් පැවරී ඇතත් එම කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු වගකීමක් පවරා නොමැති බවයි.

මේ අතර වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් ස්ථාපිත කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලයම රනිල් වික්‍රමසිංහ රජය යටතේද පවත්වාගෙන නොයා යුතු බව දන්වමින්.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණනාවක් පොහොට්ටුවේ මතවාදයට පටහැනි මත දරන්නන් වන නිසා ඔවුන් පොහොට්ටුව නියෝජනය කරන අමාත්‍යවරැන් ලෙස සැලකිය යුතු නැතැයිද පොහොට්ටුවේ ප්‍රකාශයෙකු පැවසුවා.

එබැවින් පොහොට්ටුවේ යෝජනාද රැගෙන නව අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

- asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka