මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයට පවත්වන බව කියමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සිදුකරන්නේ රඟපෑමක් බවට සැකයක් මේ වන විට විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් හට මතුව තිබේ.
ඊට හේතුව වන්නේ ලබන වසරේ මාර්තු 20ට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් විය යුතු වුවත් තවමත් ඒ සඳහා අදාළ මූලික කටයුතු හෝ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ඉටුකොට නොමැති වීමය.
උදාහරණයක් ලෙස මේ වන විට මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරය වෙත ලිපියක් යැවිය යුතු වුවද මෙතෙක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එම ලිපිය යොමුකර නොමැති බව වාර්තා වේ.
මීට අමතරව පළාත් පාලන මට්ටමින් නියෝජිතයන් බඳවා ගතයුතු වුවද තවමත් මැතිවරණ කොමිසම මගින් එම කටයුතු සිදුකර නොමැති බවද දැනගන්නට ඇත.
උදාහරණයක් ලෙස මේ වන විට මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරය වෙත ලිපියක් යැවිය යුතු වුවද මෙතෙක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එම ලිපිය යොමුකර නොමැති බව වාර්තා වේ.
මීට අමතරව පළාත් පාලන මට්ටමින් නියෝජිතයන් බඳවා ගතයුතු වුවද තවමත් මැතිවරණ කොමිසම මගින් එම කටයුතු සිදුකර නොමැති බවද දැනගන්නට ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
2022-10-29T11:52:00+05:30
Gossip Lanka Hot News