gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආන්දෝලනයට ලක් වූ හමර් රථ සිද්ධියේ ඉදිරි පරීක්ෂණ ඇමැති නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට!

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. 
ඊට අදාළ ලිඛිත ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අද (21) පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව පොලිපතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මීට පෙර වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාවේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබෙනවා.

අදාළ රථය ඉකුත් වසරේ පෙබරවාරි මස 22 මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර ඇත්තේ.

පසුව එය රාජ සන්තක කර  ඇති අතර අනතුරුව පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියේ දී අදාළ රථය මිල දී ගෙන ඇත්තේ ආනයනකරු විසින්මයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මීට පෙර නියෝග කර තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka