gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගීතා සියලු ඇමැති වරප්‍රසාද අතහරී! නිල නිවාස, වාහන, දුරකතන දීමනා එපා කියයි!

රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් තමන්ට හිමි නිල නිවස, වාහන ඇතුළු අනෙකුත් සියලු දීමනා ලබා නොගෙන ආපසු භාරදීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කටයුතු කර ඇත.

රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් ඇයට සුඛෝපභෝගී වාහන 5ක් ලැබුණු අතර රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් ලබාගෙන අනෙක් වාහන 4 ආපසු භාර දීමට ඇය පියවර ගෙන තිබේ.

“රාජ්‍ය ඇමැති ධුරය සඳහා මට නිල නිවසක්, වාහන 5 ක්, දුරකථන බිල්පත් ඇතුළු තවත් දීමනා රාශියක් අනුමත කර තිබෙනවා. රටේ මිනිස්සු වේලක් කන්න නැතිව දුක් විඳින මොහොතක අපි අනවශ්‍ය වියදම් කපාහැරලා මේ තත්ත්වයෙන් මිදෙන්න රජයට සහාය වෙන්න ඕනේ.

මට මගේ නිවස තිබෙනවා. මගේ වාහන තිබෙනවා. ඒ වගේ ම මම වෙනදා විදිහට ටෙලිෆෝන් බිල් වගේම අනෙකුත් වියදම් කර ගන්නවා. මම ගන්නේ රුපියල් 54,000 ක මන්ත්‍රී වැටුප පමණයි.

රට වැටිලා තියෙන වෙලාවේ රාජ්‍ය දේපළ මේ විදිහට නාස්ති කරන එක බරපතළ අපරාධයක්. මම අනෙක් සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අනවශ්‍ය වියදම් අඩු කරලා රට ගොඩගන්න උදව් කරන්න කියලා.

මේක මම කරන්නේ කාගෙන්වත් ලකුණු දාගන්නවත්, හොඳ නම ගන්නවත් නෙවෙයි. මම මේ කැපකිරීම් කරන්නේ හදවතින්මයි. අපි දේශපාලනඥයන්ට වගේම නිලධාරීන්ටත් ආදර්ශවත් වෙන්න ඕනෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka