gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CEYPETCO ඉන්ධන පිරවුම් හල් හෙට වැඩ වර්ජනයක!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් හෙට (ඔක්. 4) දිනයේ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඉන්ධන අලෙවිය සඳහා මාසික උපයෝගිතා ගාස්තුවෙන් සියයට 45ක් අය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් අත්තනෝමතික තීරණයට විරෝධය පළ කිරීම සඳහා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මෙම පියවර ගෙන ඇත. 
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ, සියයට 45ක ගාස්තුව අය නොකරන බවට සංස්ථාවේ නිලධාරීන් ඔක්තෝබර් 1 වන දා සහතික වූ නමුත්, ඔවුන් අද (ඔක්. 3) සවස 4.30ට පමණ පෙර දැනුම් දීමකින් තොරව උපයෝගිතා ගාස්තුව අය කළ බව ය.

ඒ අනුව, හෙට (ඔක්. 4) සිට ඉදිරියට ඉන්ධන ඇනවුම් සිදු නොකරන බව ත්, සියලු ම සංස්ථාව මගින් පාලනය වන බෙදුම්කරුවන් දැනටමත් සංස්ථාවට සියයට 0.25ක මාසික ගාස්තුවක් ගෙවමින් සිටින බව ත් ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ වැඩිදුරට ත් කළේ, දැනට ඉන්ධන පිරවුම් හල්වල ඇති ඉන්ධන පමණක් හෙට දිනයේ බෙදා හැරීම සිදු කෙරෙන බව ය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka