ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිසිදු අවබෝධයක් නොමැති බවට හිටපු අධිකරණ අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කළ ප්‍රකාශයට එරෙහිව කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් අද පිළිතුරු ලබා දුන්නේය.
විදේශ මුදල් ගලා ඒම සම්බන්ධයෙන් සහ වගකීම් බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට කළ දැනුම්දීමක් ඇතුළත් ලේඛනයක් හිටපු කෝප් සභාපතිවරයා විසින් twitter පණිවුඩයක් තබා තිබිණ.
අමාත්‍ය අලි සබ්රි සිකුරාදා (14) කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය “සියල්ල හරි යැයි සිතූ” ආර්ථික අර්බුදයේ ගැඹුර හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත්, ඔවුන්ගේම විෂයයන් සහ අමාත්‍යාංශ සඳහා වැඩි ආයෝජනයක් කළ බවත්ය.
හිටපු කෝප් කමිටු සභාපතිවරයා එම ලිපි ලේඛන හුවමාරු කර ගනිමින් පෙන්වා දුන්නේ මුල්‍ය ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළත් විසඳුමක් නොලැබුණු බවට එය සාක්ෂියක් බවයි.
“ඇත්ත, මෙම ව්‍යසනයේ පළමු වැරදිකරුවා අලි සබ්රි මහතාද කොටසක් වූ කැබිනට් මණ්ඩලයයි.” යනුවෙන් ඔහු සදහන් කර තිබිණ.

Sabri represented the cabinet since 2019 as the minister of Justice, Finance & now Foreign. Below is evidence that this financial issue was disscussed at the cabinet though no solution was found. True, first culprit of this disaster is the Cabinet of which @alisabrypc was a part https://t.co/j9MwarKBC0 pic.twitter.com/n7JICq4fGh
— Charitha Herath, (PhD) (@charith9) October 15, 2022