gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගංජා නීතිගත කරන්න සමගි ජනබලවේගය එකග නෑ.. එය සංස්කෘතියට විරුද්දයි..

22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්මත විම රජයට අභියෝගයක් බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.

තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා ඒ බව කියා සිටියේ සමගි ජනබලවේගය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන සදහම් යාත්‍රා වැඩසටහනට (23) දින නාවලපිටිය ආසනයේ ගග ඉහල කොරලයේ ප්‍රාදේශිය සභා බලප්‍රදේශයේ ක්‍රියාවට නංවමින් මාධ්‍යට අදහස් දක්වමිණි.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම සදහම් යාත්‍රා වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා කියා සිටියේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට සමගි ජනබලවේගය සහය දැක්විමට ප්‍රධාන හේතු තුනක් තිබු බවයි.

පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිමේ බලය වසර 2 ½ කිරිම , දිවිත්ව පුරවැසිභාවය අහෝසි කිරිම , ස්වාධින කොමිෂන් සභා ස්ථාපනය කිරිම නිසා බවයි.

තවද සමගි ජනබලවේගයේ ද්විත්ව පුරවැසි භාවය ඇති මන්ත්‍රිවරුන් නොමැති බවත්, පාර්ලිමේන්තුව තුල ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රිවරුන් සිටි නම් ඔහු නිතියානුකුලව ඉවත් කිරිමට පියවර ගත යුතු බවද තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා පැවසිය.

විදේශ විනිමය සොයාගැනිම සදහා මෙරට තුල කංසා වගාව නිතිගත කිරිමට යාම මෙරට සංස්කෘතියට කිසිසෙත් ගැලපෙන්නේ නැති බවත්, කංසා වගාව නිතිගත කර මෙරට ආර්ථික ශක්තිමත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය එකග නොවන බවද තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka