gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් නිසා යට ඇදුමින් බේරෙ වැවෙන් ගොඩ ආ අපතයන්ට උත්තර දෙන්නෙ නෑ..- මහින්දට එජාප මහ ලේකම් අමතයි..

යට ඇඳුම පිටින් බේරේ වැවෙන් එගොඩ ආපු ඇතැමුන් අද රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වෙන්නට පාර්ලිමේන්තු යන බවත් වේදිකාවල කතා කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රනිල් පුනරුත්තාපනය වෙලා යයි ඇතැමුන් එසේ වේදිකාවල පවසන බවත් පැවසූ ඔහු සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ රනිල් පැමිණ එම පිරිස පුනරුත්ථාපනය කර ඇති බවත් බවද පැවසීය.
මේ රට රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ රාජපක්ෂලා රකින්න නොවන බවත් එක එක අපතයන් කියන ප්‍රකාශවලට පිළිතුරු දිය යුතු නැති බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර ආසන බල මණ්ඩල රැස්වීම් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා එම රැස්වීමේ දී කියා සිටියේ රනිල් වික්මසිංහ මහතා දැන් නිවැරදි වී සිටින නිසා ඔහුට සහයෝගය ලබා දෙන බවයි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka