gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර නඩුවත් ඉවරයි! ඉදිරියට ගෙන යා නොහැකි බවට විත්තිය ගෙනා විරෝධය අධිකරණය පිළිගනී! අර්ජුන් මහේන්ද්‍රන්-අර්ජුන් අලෝෂියස් ඇතුලු 10 දෙනාම නිදහස්! (VIDEO)

හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එම චෝදනාවලින් විත්තිකරුවන් 10 දෙනාව නිදහස් කිරීමට අද(11) නියෝග කළේ ය. 
ඒ විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවකිනි.

චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදී අද නඩුව කැඳවිය.

එම නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ, ගාමිණි මාරපන මහතා අධිකරණයට මූලික විරෝධතාවයක් ගොනුකර තිබුණි.

එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක් ද, එකී සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන බැවින් ඔවුනට එරෙහිව ද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියෙන් විරෝධතා ඉදිරිපත් විය.

ඒ අනුව පොදු දේපොළ පනත යටතේ නැගෙන චෝදනා නොමැතිව, සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී  රුපියල් මිලියන 688 ක පාඩුවක් රජයට සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ එම නඩුව පවරා තිබිණි.

ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන්, හුලුගල්ලේ මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka