gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බටහිර රටවල් ඔක්කොම එකතු වෙලා! අපිට සටන් කරන්න බෑ! 8 වන ජේදය භයානකයි! ජිනීවාවලදී හෙට ලංකාවට වෙන්න යන භයානක දේ අලි සබ්‍රි අද ජිනීවාවල ඉඳන්ම කියයි!

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු කණ්ඩායමක් අපිට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා.”

“ඒකේ 8 වන ඡේදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එහි සඳහන් කරන්නේ වින්දිතයින් වෙනුවෙන් පෙනීසිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල ඇතුළුව සිදුවන අධිකරණමය හා වෙනත් ක්‍රියාදාමවලට සහාය දැක්වීම. ඒක මේකෙ භයානකම කොටස.”

“මේකෙන් අදහස් කරන්නේ, ඔවුන් කියන ආකාරයට මානුෂික මෙහෙයුමේදී ලංකාවේ සිදුවුණා යැයි කියන යම් යම් දේවල් සම්බන්ධව ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල නඩු දාලා දඬුවම් කිරීම.”

“මේ හදන්නේ ඉලක්ක කරලා කරදර කරන්න. මේ ක්‍රියාදාමයට අපිට එකඟ වෙන්න බැහැ.”

“පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට එන එක ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්.”

“ඊයේ වෙනකොට සම්පූර්ණ බටහිර ලෝකයම ඔවුන් සතුකරගෙන 30 දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කළා.”

“මානව හිමිකම් කොමිසම තුළ සාමාජිකයෝ ඉන්නේ 47දෙනයි. නමුත් යථාර්තවාදී ලෙස මේ බලගතු රටවල් එක්ක සටන් කිරීම අපිට අමාරුයි.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka