gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්ලා පාර්ලිමේන්තුවේ තවත් ශක්තිමත් වෙයි: 13 - 20ට නගියි!

නිදහස ජනතා සභාවේ සිටි මන්ත්‍රිවරු ගණන මන්ත්‍රීවරු 20 දක්වා වර්ධනයවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ වන විට එහි සිටින්නේ මන්ත්‍රීවරු 13 දෙනෙකු පමණි.
මෙම මන්ත්‍රි කණ්ඩායම වැඩිකර ගැනීම සඳහා ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයාගේ නිවසේ පසුගිය අඟහරුවාදා පැවැති රහසිගත සාකච්ඡාවෙන් පසුව එයට සහභාගිවූ මන්ත්‍රීවරු ඒ සඳහා එකඟතාව පලකර ඇති බව වාර්තා වේ.

මේ රැස්වීමට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරු එක් පාර්ශ්වයක් ද  අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි සහ ජෝන් සෙනෙවිරත්න යන මන්ත්‍රිවරු අනෙක් පාර්ශවය ද නියෝජනය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ කණ්ඩායම ශ්‍රී ලංකා මහජන පක්ෂය සමගද සාකච්ඡාවක් පැවැත්වා ඇති අතර එම පක්ෂයේ නායකය පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න ද මේ සඳහා එකඟත්වය දී ඇතැයි පැවසේ.

ඔහුගේ එක්වීමට චරිත හේරත් මන්ත්‍රිවරයාගේ වැඩි ප්‍රසාදයක් නොවුවද එය ද මේවන විට සමනයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වන්නේ දෙදෙනාම කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කිරීමය.

චරිත හේරත් පසුගිය මහා මැතිවරණයේදී කුරුණෑගලින් ඡන්දය ඉල්ලීමට සිටියදී පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ නම කපා දමා තිබිණි.

ඒ සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහය ද ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka