gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවමත් මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න වැලි හොරු පස් හොරු සහ චේන් කඩපු උන් - පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපා

වැරැද්දක් පෙන්වන විට වැරැද්ද පෙන්නූ තැනැත්තාගෙන් පළි ගනිමින් තනතුරු ගලවමින් මේ ආණ්ඩුව තවමත් උපදෙස් ලබා ගන්නේ පස් කපපු උන්ගෙන්, වැලි කපපු උන්ගෙන් සහ මාල කඩපු උන්ගෙන් බව මහනුවර දිස්ත්‍රික් පොහොට්ටු  පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා පවසයි.

මේ ආණ්ඩුව රැක ගැනීම සඳහා කළ හැකි උපරිමය කරන්නට ගොස් ඇතැම් අවස්ථාවක ජනතාවගේ පිළිකුලටත් තමා ලක් වූ බව පවසන වසන්ත යාපා  ගන්නා කිසිම තීරණයක් ප්‍රායෝගික කරගැනීමට අවස්ථාවක් නැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් තමා ඉල්ලා අස් වුන බවත්, තමන් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් උපුල් ගලප්පත්ති සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගුණපාල රත්නසේකර ඉල්ලා අස් වූ බවත් පැවසීය.

“අපට තාප්පවල චිත්‍ර ඇන්ද දරුවන්ට පාට පෙට්ටියක් දෙන්න බැරි වුනා.     කාබනික ගොවිතැන කරන්න හදන වෙලාවෙ මේ වැඩේ ප්‍රායෝගික නෑ කියලා හිටපු ජනාධිපතිවරයාට කියන්න ගිය මට කිව්වෙ ගුටි කකා හිර ඒ වැඩේ කරන්න කියලා. කිසිම දෙයක් පිළිගත්තෙ නෑ. අන්තිමට ආණ්ඩුවටම ජනතාවගෙන් ගුටි කන්න වුනා. ඒත් අවසාන මොහොත වෙනකම් බැලුවේ පක්ෂයෙ  ගෞරවය ආරක්ෂා කරගන්න.“

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කතා සාප්පුවක් වුනා. ගන්න තීරණ ක්‍රියාත්මක කරගන්න බෑ. මහවැලි ගඟ ඇතුලේ තියන දූප්ත සමූහයෙ හෝටල් හදන එක වළක්වන්න නඩු පනස් ගණනක් දැම්මා මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතුවෙලා.   අදත් වයි නොට් කියලා හෝටලයක් ගහලා තියනවා ගඟ  මැද දූපතක. මන්ත්‍රීකමට වටිනාකමක් නැතිනම් හෘදය සාක්ෂියට එකඟව එතන රැඳී ඉන්න බෑ.“

“ඔවුන් ලෝකමය තරහා කරනෙ ආණ්ඩු කරන්නෙ. රනිල් වික්‍රමසිංහ බලයට ආවා කියලා කිසිම දෙයක් වෙනස් වුනේ නෑ. තිරය පිටුපස ඉන්නෙ මහ මොළකාරයො උන්ගෙ වැඩ ටික  කරනවා.“

“ අපේ තනතුරු පාලකයො ගැලෙව්වට හෙට අනිද්දා වෙනකොට පාලකයින්ගෙ තනතුරු ජනතාව ගලවනවා..“

වසන්ත යාපා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka