ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් මුලික කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසියට ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.
අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ ව එම රටවල් අතරට අයත්ය.
මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.