gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිකමක් නැති මහින්දානන්දගෙන් අලුත්ම ඇමතිකමක් ගැන ජනපතිට යෝජනාවක්! අලුත් රාජ්‍ය ආයතනයකුත් හදන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 
එම යෝජනාවෙන් දැක්වෙන්නේ රාජ්‍ය මූල්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඇමැතිවරයකු පත් කිරීම ගැනයි.

කෙසේ වෙතත් එම ඇමතිකම තමාට අවශ්‍ය නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව එම අමාත්‍යංශයට එක් කර ගත යුතු බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් නියාමනයක් සැකසිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එසේ නොමැති වුවහොත් මේක ගොඩදාන්න බැරි බවත් රාජ්‍ය ණය කළමනාකරණ ඇමැතිවරයෙක් පත් කිරීම, ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් නියාමන ආයතනයක් පත් කිරීම යන යෝජනා තමාගේ යෝජනා බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් පිහිටුවන නියාමන ආයතනයක් අවශ්‍ය පනස් දෙනෙකු බවත් ඒ අයට ගෙදර නොයා මාස 10ක් එකතැන සිට වැඩ කළ යුතු බවත් ලෝකයෙ අනිත් රටවලත් එලෙස ක්‍රියාත්මක බවත් සමහර රටවල විවාහ වීමටද අවස්ථාව නොදෙන බවත් ඔහු සඳහන් කළා.

ඒ විදියට යෝජනා රාශියක් ජනාධිපතිවරයාට බාර දීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka