gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට බදු ‌ගෙවන්නේ නැතිව කෝටි දෙකක මොන්ටේරෝ එකක් ‌හොරෙන් අරන් ඇවිත් හංගලා තිබ්බ හම්බන්තොට ප්‍රබලයා කව්ද? උදව් කරපු අදිසි හස්තය කාගෙද?

රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචාසහගත ලෙස මෙරටට ගෙන්වා මත්තල ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සගවා තිබියදී අත්අඩංගුවට පත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයේ අයිතිකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග මත පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇතැයි මත්තල පොලීසිය පවසයි.

මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මත්තල අලුආර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු වාහනයක් සගවා ඇති බවට මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද බණ්ඩාර මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම අධිසුඛෝපභෝගී මොටර් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ක

පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාති වන පුද්ගලයෙකු කතරගම යාමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යන තෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම මොන්ටෙරෝ ජීප් රථය සිය නිවසේ තවතා දමා ගිය බව  පොලිස් ප්‍රශ්න කිරීමේදී වාහන නවතා තිබූ නිවෙසේ හිම්කරු පොලීසියට පවසා තිබේ.

කෙසේ නමුත් පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාව වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාව තහවුරු කිරීමට නිවෙස් හිමියා අපොහොසත්වීම නිසා අදාළ පිප් රථය පොලිස් භාරයට ගෙන සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම ජිප් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නාගවා වංචාසහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ අතර අදාළ වාහනයට ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සගවා තබා ඇති බවත්ය.

වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතිකය වසා සකස් කර තිබූ එකක් බවට අනාවරය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලීසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත්  අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර රේගු නිලධාරින් හා රජයේ රස පරික කාර්යාලයේ නිලධාරින්ගේද සහාය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් සමීර තුෂාර මහතා මත්තල පොලීසියට නියෝග කර තිබේ. මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බණ්ඩාර, උපපොලිස් පරික්ෂක සුමනසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර, දිනුක යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka