gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිසබේ පෙරළියක් අතලඟ! බහුතරය ආණ්ඩුවෙන් ගිලිහෙයි – නව දේශපාලන බලවේගයක් එයි

පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 
මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර චම්පික රණවක මන්ත්‍රීවරයා බදුල්ලේ දී පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ සියලු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවයි.

ඉදිරියේදී රටට ගැලපෙන, මධ්‍යස්ථ, ප්‍රායෝගික, මධ්‍යස්ථ මෙන්ම රටේ තරුණ පරපුරේ සහ වෘත්තිකයන්ගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන පක්ෂයක් රටට හඳුන්වා දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

සමඟි ජන බලවේගයේ පිරිසක් ද ඒ හා සම්බන්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

මැතිවරණයකින් තොරව මහජන මතය පාර්ලිමේන්තුව තුළ නිරූපණය කළ හැකි බලවේගයක් පළමුව බිහිකළ යුතු බවත් දැනට පාර්ලිමේන්තුවේ 108ක් වන විපක්‍ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113ක් බවට පත්කරගත යුතු බවත් හෙතෙම කියා සිටියා.

එවිට රාජපක්‍ෂවරුන්ගේ හිරකරුවන් නොවී වැදගත් ගමනක් යාමට අවස්ථාව ලැබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka