පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත.
සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන් වේ.
කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් තවත් මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.