gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ තීරණයට පිටුපා මහල් නිවැසියන් පන්නන වැඩක්!

නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාසවල කුලී පදනමින්  සිටින පදිංචිකරුවන්ට දින 14ක් තුළ පදිංචි නිවාස භාරදී ඉවත්වන ලෙස එම අධිකාරිය නියෝග කර තිබෙනවා. 
නාගරික සංවර්ධන අධිකාරිය හදිසියේ කුලී නිවැසියන් ඉවත් කිරීමට තීරණය කොට තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් මහල් නිවාසවල පදිංචිකරුවන්ට සින්නක්කර  ඔප්පු ලබාදෙන බව සඳහන් කිරීමත් සමඟයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා විසින් මෙම නියෝගය කර තිබෙන්නේ වසර 20 – 30 නියමිත පරිදි කුලී මුදල් ගෙවමින් පදිංචිව සිටින නිවැසියන්ටයි.

බැද්දගාන, නාරාහේන්පිට, මාතා පාර ,මාදිවෙල, කොල්ලුපිටිය, සෙන්ට් ඇන්තනීස් මාවත ආදී නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස යන්හි දීර්ඝ කාලයක් පදිංචිකරුවන් මෙම  නියෝගය නිසා බරපතළ අසීරුතාවට පත්වී සිටිනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ  අධ්‍යක්ෂ මණ්ඩලය නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ අනුදැනුමකින් ද තොරව  අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් අනුමත කොට කුලී නිවැසියන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අස්සන් තබා ඇති වසර 30 දක්වා ඉක්මවූ සියලු ගිවිසුම් අහෝසි කළ බව නිවැසියන්ට දැනුම් දී තිබෙනවා

නාගරික නිවාස සංවර්ධන අධිකාරිය නිවැසියන්ට නිකුත් කළ  ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

“නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවෙස පරිහරණය සඳහා දී තිබූ සියලු අවසරපත්‍ර ගිවිසුම් හෝ ලිපි ලේඛන මෙම ලිපියේ සඳහන් දින සිට බලපැවැත්වෙන පරිදි අවසන් කරනු ලබන අතර එම අවසරපත් හා /හෝ /ගිවිසුම් පත්/ හා ලිපි ලේඛන මෙතැන් සිට බල රහිත වන බව දන්වමි. ඒ අනුව අදාළ දින සිට දින 14ක් ඇතුළත නිවසේ හිස් සහ නිරවුල් භූක්තිය අධිකාරියට භාරදෙන ලෙසට නියම කරනු ලබන අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් කිසිදු දැනුම් දීමකින් තොරව ඔබට විරුද්ධව නීති මඟින් ක්‍රියා කරන බව දන්වමි” යනුවෙනි.

රටේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් බරපතළ  දුෂ්කරතාවලට මුහුණ දී සිටින  කුලී නිවැසියන් හදිසියේ නිවාසවලින් ඉවත් කිරීම නිසා ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම වැනි උපද්‍රවයකට මුහුණ දී සිටින බවත් අඹුදරුවන් සමඟ ජීවිතයේ සැඳෑ සමය ගෙවන තමන්ට මේ මොහොතේ යෑමට කිසිම තැනක් නැති බව නිවැසියෝ මාධ්‍යට ප්‍රකාශ කළා.

-asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka