gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විෂ ත්‍රිපෝෂ කතාව අමූලික බොරුවක් - ඇමති

ළදරුවන් සහ මව්වරුන් අතර බෙදාහැර ඇති ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය අඩංගු බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 
අද (21) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමා ඒ බව වගකීමෙන් යුතුව පවසන බවය.

වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් මෙසේ ය.

"ඔය කතාව ගැන මම ඊයේ හවස මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමෙන් මම මේ පාර්ලිමේන්තුවේ දී කියනවා. මොකද හේතුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්න අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි මම අද උදෙත් ඊයේ රෑ 11ටත් ලේකම්ට කිව්වා. මේක හරි අසාධාරණ කතාවක්. මොකද ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීමට කටයුතු කරන, එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්තුමාගෙන් අවසරයක් ගන්න ඕනේ කියලා විවිධ අමාත්‍යාංශවල. ඒක නිසා මම බොහෝම පැහැදිලිව පාර්ලිමේන්තුවට කියනවා මේ මොහොතේ සිට ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා."




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka