gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලස් කොමිසම පසුගිය වසරේ පැවරූ නඩු 39ක් ඉල්ලා අස්කර ගෙන – හේතුවත් හෙළිවෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව.පවරනු ලැබු නඩු 39ක් විවිධ හේතුන් මත ඉකුත් වර්ෂයේ දි (2021) ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වනවා.

ඒ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්. 
එමෙන්ම කොමිසම් සභාව විසින් පවරනු ලැබු නඩු වලින් 2019 හා 2020 වර්ෂවලදි නඩු 10ක් විවිධ හේතුන්මත ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඉකුත් වර්ෂයේ ඉල්ලා අස්කරගෙන තිබු නඩු 39න් 05ක් 2015 වර්ෂයට පෙර පවරනු ලැබු නඩු බවද විගණන වාර්තාවේ සදහන්.

මින් නඩු 32ක් 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලය තුල පැවරු නඩු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. 2019 වර්ෂයේ දි පවරනු ලැබු නඩු 02ක් ද ඉල්ලා අස්කරගෙන තිබුණා.

මෙකී නඩු ඉල්ලා අස්කරගෙන ඇත්තේ නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන නැවත නඩු පැවරිම සදහා බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ඉල්ලා අස්කරගෙන ඇති නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන නැවත නඩු පැවරිම කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇතැයි වාර්තා වනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද
- asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka