gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩලස්ලාට එකතුවුණ පොහොට්ටු මන්ත්‍රීලා 2ක් අත්අඩංගුවට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ලබාගෙන මෙතෙක් බාර නොදුන් පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනෙකුට එරෙහිව පොදු දේපළ අවභාවිතා යටතේ චෝදනා ගොනුකර අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 
ඉකුත් අරගල සමයේදී තමන්ගේ වාහන භාවිතය අනතුරුදායක බව පවසමින් මොවුන් මෙසේ වාහන ලබාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම වාහන දෙකෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බව පැවසේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි යන දෙදෙනා මෙසේ වාහන බාරදී නැතැයි වාර්තා වේ.

එම වාහන වන්නේ අංක KT-7233 ටොයොටා ප්‍රාඩෝ ලැන්ඩ් කෲසර් සුපිරි රථය සහ PH–4201 ටොයොටා හයිලක්ස් කැබ් රථයයි.

අරගල සමයේදී බොහෝ මැති ඇමැතිවරුන් ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් වාහන ලබා ගනු ලැබුවද ඉහත මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මැති ඇමැතිවරුන් එම වාහන ආපසු බාර දී ඇති බව ද වාර්තා වේ.

කේ.පී.එස් කුමාරසිරි හා ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මේවන විට ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

ඔවුහු හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නායකත්වය ලබාදෙන නිදහස ජාතික සභාව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු කණ්ඩායමේ සමාජියෝ වෙති.

-srilankamirror


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka