ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල සදහා තක්සේරුවටිනාකමට වඩා රුපියල් 4,369,125 ක ( හතලිස් තුන් ලක්ෂ හැට නව දහස් එකසිය විසිපහක්) මාසික කුලියක් වැඩිපුර ගෙවිම නිසා ඉකුත් මාස 33 ක කාලය තුළ බදුකුලි වශයෙන් රුපියල් විසිහත්කෝටි හැටලක්ෂ පනස්දහස් දෙසිය පනහක මුදලක් ගෙවා ඇති (276,050,250) බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන ගොඩනැගිලිවල තක්සේරු වාර්තා අනුව මාසික බදුකුලිය රුපියල් 3,750,000 ( තිස් හත් ලක්ෂ පනස් දහස)කි. එහෙත් මාසිකව බදු කුලි වශයෙන් රුපියල් 8,119,125 ( අසූ එක් ලක්ෂ දහ නව දහස් එකසිය විසිපහ) ක මුදලක් ගෙවන අතර මේ නිසා තක්සේරු වටිනාකමට වඩා රුපියල් 4,369,125ක ( හතලිස් තුන් ලක්ෂ හැට නව දහස් එකසිය විසි පහක) මාසික බදුකුලියක් වැඩිපුර ගෙවන බව විගණන වාර්තාවේ සදහන් වේ.
2018 වර්ෂයේ සැප්තැම්බර් මස 01දින සිට 2021 වර්ෂයේ ජුනිමස 30 දක්වා කාලසිමාව තුළ රුපියල් බදුකුලි වශයෙන් රුපියල් 276,050,250 විසි හත් කෝටි හැට ලක්ෂ පනස් දහස් දෙනීය පනහ) ක් වැඩිපුර ගෙවා තිබුණි.
ජාතික ලොතරැයි මණ්ඩලය අංක 32,මුදලිගේ මාවත කොළඹ 01 යන ස්ථානයේ බදු පදනම මත ලබාගත් වර්ග අඩි 30,890 ක ප්‍රමාණයක් වු ගොඩනැගිලිවල පවත්වාගෙන යයි.
ලොතරැයි මණ්ඩලය සතුව වොක්ෂොල් විදියේ පර්චස් 112.5ක ඉඩමක් පවති. එහි ස්ථිර කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා මුලික සැලසුම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුමැතිය ලබාගෙන ඇතත් එම ඉදිකිරිම සිදුකිරිම ප්‍රමාදවිම නිසා අධික බදුකුලියක් ගෙවිමට සිදුවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ලලිත් චාමින්ද
lankasara
lankasara
