තඹුත්තේගම ලක්ෂ 223 මහාමංකොල්ලයට පොහොට්ටුවත් ගෑවෙයි! මහමොළකරුවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්! පොලිසියෙන් ඊයෙ රෑම අත්අඩංගුවට අරන්!
ඊයේ (26) දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදල කොල්ලකෑමේ සිද්ධියේ මහ මොළකරුවා රාජංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු බවට මේ වන විට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
එම ප්‍රාදේශීය දේශපාලකයා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකු වන අතර, මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මෙම මංකොල්ලය සැලසුම් වී ඇත්තේ ඔහුගේ මූලිකත්වයෙන් බව අනාවරණය වී ඇත.
තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුව තැන්පත් කිරීම සඳහා ගෙන ආ මෙම මුදල් තොගය එම ව්‍යාපාරිකයා මෝටර් රථ නවත්වනවාත් සමගම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොල්ලකෑමට තැත්ත කරද්දී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වහාම මැදිහත් වී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ගිනි අවි දරා සිටි මෙම කොල්ලකරුවන් මෙල්ල කළේ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ සේවය කරන සැරයන් බුද්ධි කුමාරය.
ඔහුගේ වික්‍රමාන්විත මැදිහත්වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය ඔහුට විශේෂ ප්‍රශංසාවක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.
lankasara
ඒ අනුව මෙම මංකොල්ලය සැලසුම් වී ඇත්තේ ඔහුගේ මූලිකත්වයෙන් බව අනාවරණය වී ඇත.
තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුව තැන්පත් කිරීම සඳහා ගෙන ආ මෙම මුදල් තොගය එම ව්‍යාපාරිකයා මෝටර් රථ නවත්වනවාත් සමගම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොල්ලකෑමට තැත්ත කරද්දී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වහාම මැදිහත් වී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ගිනි අවි දරා සිටි මෙම කොල්ලකරුවන් මෙල්ල කළේ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ සේවය කරන සැරයන් බුද්ධි කුමාරය.
ඔහුගේ වික්‍රමාන්විත මැදිහත්වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය ඔහුට විශේෂ ප්‍රශංසාවක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.
lankasara
තඹුත්තේගම ලක්ෂ 223 මහාමංකොල්ලයට පොහොට්ටුවත් ගෑවෙයි! මහමොළකරුවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්! පොලිසියෙන් ඊයෙ රෑම අත්අඩංගුවට අරන්!
2022-09-27T09:44:00+05:30
Gossip Lanka Hot News