gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විරෝධතා තියල ජනතාවට හිරිහැර කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා – ආරක්ෂක ලේකම්

රට තුළ යම්කිසි ස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදීත් විරෝධතා පවත්වමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. 
ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

පොලීසියට අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහාය දැක්වීමට ආරක්ෂා හමුදා සූදානමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

“කිසිම ප්‍රශ්නයක් නෑ උද්ඝෝෂණ කරන්න පුළුවන්. රැස්වීම් තියන්න පුළුවන්. නමුත් නීති පද්ධතිය අනුව ඒ රැස්වීම් සඳහා කලින් අවසර ගත යුතුයි. ගමක වුණත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට නම් අදාළ පොලිස් ස්ථානවලින් ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.

හැම කෙනෙක්ම කැමති නෑ එදිනෙදා ජීවිත අඬාල වෙන විදියට දේවල් තියෙන කොට. ඒ නිසා ඒ සියල්ල සලකා බලලා තමා පොලිසියෙන් ඒ අවසරය ලබාදෙන්නේ. එහෙම නැතිව එකපාරට ඇතිවෙන උද්ඝෝෂණ පෙළපාලිවලට නීතිමය වශයෙන් ක්‍රියාකිරීමට පොලීසියට යුතුකමක් තියෙනවා.

අධි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නෙමෙයි. මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදාගත්ත දේවල්. පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා. එතැන රජයේ නිලධාරීන්ට රාජකාරිය ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. රටේ පාලනය පිළිබඳ තීරණය ගන්න තැනට. ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වූ තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.

ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආවම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, කොළඹට ආව ගමන් පේන්නේ බොහෝම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහාය රටේ යම් දියුණුවක් ලබාගැනීමට විශාල බාධකයක් වෙනවා. ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka