gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මෙලෙස 113ක බහුතරය ලබා ගනුයේ, ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, එම බලයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කර නව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් කැස්බෑව සමගි ජන බලවේග ආසන බලමණ්ඩලය අමතමින් හෙතෙම සඳහන් කළේය.

“අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා. අපට තව 10යි ඕන අත්සන් කරන්න.

113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා. රනිල්ට කරන්න දෙයක් නෑ. ඒක අපි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, වෙන කොහේ ගියත්, අද අපි මේ වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න, ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඔවුන් කියනවා ජනතා මතය තියෙන ආණ්ඩුවක් දෙන්න කියලා.

අද මේ රටේ ඉන්න ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවාගෙන ඉන්න අයට ජන මතයක් නෑ. කොටින්ම කිව්වොත් ගමේ ප්‍රාදේශීය සභාවටවත්, නගර සභාවටවත් ජන මතයක් නෑ. ඔය කියන්න වැඩ්ඩා බැසිල් පැන්නා ඇමෙරිකාවට. අපි කියනවා පුළුවන් නම් දැන් ඡන්දය තියන්න.

රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා නම් 2024 වෙනකන් ඡන්ද තියන්නේ නෑ කියලා, එයාගේ කෙරුම් අපිත් දන්නවා, අපේ කෙරුම් එයත් දන්නවා. ඒ නිසා අපි එයාට කරලා පෙන්නනවා. 113 අරගෙන අපි බලය ගන්නේ නෑ. මේක විසුරවලා, ඡන්දයක් තියලා, 1977 වගේ තමයි මෙදාපාර සමගි ජන බලවේගය එන්නේ කියලා අපි තමුන්නාන්සේලාට කියන්න කැමතියි” යනුවෙන් පවසා සිටියේය.

– ADA
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka