gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජබෙ-නීතීඥ සංගමය අධිකරණයට යයි! ජනාධිපති ආ විගසම අධිආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කරන්න හදයි!

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කල කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුල ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

කොළඹ නගරය තුල වරින් වර ඇතිවන උද්ගෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධිකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka