gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

Breaking News : තොටලග - කජීමාවත්තේ නිවාස පේලියක ගින්නක් : විපතට පත්වූවන්ට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්!

තොටලග - කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පේළියක හදීසි ගින්නක් හටගෙන තිබෙනවා. නිවාස 50ක් පමණ මේවනවිට එම ගින්නට හසුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 12ක් යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය ප්‍රකාශ කළේ.
 මේ අතර කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක අද පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාල සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට අද රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීරණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සළසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන තිබේ.

විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka