gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අතිශය තීරණාත්මක වෙලාවක ලෝක බැංකු-IMF සමුලුවට ලංකාවෙන් යන 8 දෙනාගේ දූත මණ්ඩලයේ නායකත්වය රාජ්‍ය ඇමැති සේමසිංහට!

ලබන මස 10 වැනිදා අමෙරිකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව සදහා ලංකාවෙන් 8 දෙනකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ. 
මෙම කණ්ඩායමට මහබැංකු අධිපති, මහභාණ්ඩාගාර ලේකම් සහ එම ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම දූත මණ්ඩලයේ ප්‍රධානත්වය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත බාර දී තිබීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වෙන අතිශය තීරණාත්මක අවස්ථාවක මෙම දූත මණ්ඩලයේ ප්‍රධානත්වය ෂෙහාන් සේමසිංහ මහතා වෙත පැවරීම පිළිබදව මේ වනවිට බොහෝ දෙනාගේ විමතිය පළව ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka