gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ලංකාවට සතයක්වත් එවන්න එපා... බඩගින්නේ මැරුනාවේ’ - ෆොන්සේකා විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලයි

රාජ්‍ය ත්‍රස්තවාදය මෙරට තුළ අහිංසක දරුවන් මර්දනය කරන බවත් එය නතර කරන තුරු එක සත පහක් ශ්‍රී ලංකාවට නො එවන ලෙස විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් තමන් විශේෂ ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

‘පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා.

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්‍ය ත්‍රිස්තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා’

රටේ අරගලය අවසන් නැති බවත් අළු යට ගිනි පුපුරු සේ අරගලය මතුවෙමින් තිබෙන බවත් පැවසූ ඔහු එම ගිනි පුගුරු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බව අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවද පැවසීය.

අරගලයේ දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවද අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම පැවසුවේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka