gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නන්දලාල් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවතට?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ දැයි සාධාරණ සැකයක් ඇතිව තිබෙන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකීර් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඉලක්ක කර එල්ල කරන චෝදනා මත තමන්ට මෙම සැකය ඇති වූ හෙතෙම කියා සිටියේය.

වත්මන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කර දිනේෂ් වීරක්කොඩි මහතා මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට සූදානමක් ඇත්දැයි ඔහු පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ය.

ශ්‍රී ලංකාව බංකොළොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කළේ පාර්ලිමේන්තුවේ අවබෝධයකින් තොරව බවත් මහබැංකුවට හෝ මුදල් අමාත්‍යාංශයට එසේ කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka