gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘ඔක්ටේන් 80’ බාල පෙට‍්‍රල් ලීටර් අනූලක්‍ෂයක් තෙල් සංස්ථා ටැංකිවල.. වාහනවලට දැම්මොත් මහ මග කැඩේ!

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිෂ්පාදනය කරන දැවිතෙල් වල සල්ර්ප ප්‍රතිශතය වැඩි වීම මත කර්මාන්තශාලා වලින් දැවි තෙල් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සමගි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ දැවිතෙල්වල පැවතිය හැකි උපරිම සල්ර්ප ප්‍රතිශතය 1.7 වුවත් දැන් එය 2.3 ද ඉක්මවා ඇති බවයි.

මෙම තත්ත්වය මත දැවි තෙල් ලීටර් ලක්ෂයක සල්ර්ප අගය අඩු කිරීම සඳහා සුපර් ඩීසල් ලීටර 5000 බැගින් එක්කරමින් ඇති බවද හෙතෙම පැවසීය.

ඊට අමතරව මේ වන විට ඔක්ටේන් 80 මට්ටමෙන් යුත් පෙට්‍රල් ලීටර් අනූ ලක්‍ෂයක ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව ටැංකි හයක පුරවා ඇති බවද හෙතෙම පැවසීය.

මෙරට වෙළඳපොළට පෙට්රල් නිකුත් කළ යුත්තේ ඔක්ටේන් අගය 92 හා 95 යටතේ පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

මේ කටයුතු හරහා අති විශාල මුදල් නාස්තියක් සිදු කරමින් ඇති බවත් ඔහු තවදුරටත් චෝදනා කළේය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka