gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නොරොච්චෝලේ ආයෙත් කචල්! අද පැය 3ක් ලයිට් කැපෙයි!

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවන කොටසේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද (27) සිට දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ තෙවන කොටසේ ඊයේ (26) රාත්‍රියේ බිඳ වැටීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බවය.

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන තෙවන කොටස ද නඩත්තු කටයුත්තක් සඳහා නතර කර තිබීම හේතුවෙන් මේ වන විට එම බලාගාරයේ සක්‍රීය තත්ත්වයේ පවතින්නේ පළමු තෙවන කොටස පමණි.

පවතින තත්ත්වය හමුවේ විදුලි උත්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර අක්‍රීය වී ඇති තෙවන බලාගාරය සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගත වනු ඇති බව ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka