පොහොට්ටුවෙන් ගිය අය පක්ෂෙට තර්ජනයක් නෙමෙයි... ඊළඟ ඡන්දෙත් පොහොට්ටුවේ ජය සිකුරුයි – සාගර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව දැන් පක්ෂය විවේචනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව සුදුසු වේලාවේදී උත්තර ලබා දෙනු ඇතැයි පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
පක්ෂයෙන් එළියට ගිය අයගෙන් පක්ෂයට කිසිදු තර්ජනයක් නොමැති බවත්, එනිසා ඔවුන් විවේචනය කරමින් නාස්ති කිරීමට කාලයක් නොමැති බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් පවසන්නේ ඉදිරි මැතිවරණය දී ඔවුන්ට එහි විපාක විඳීමට සිදුවනු ඇති බවයි.
කවරෙකු පක්ෂයෙන් ඉවත්ව ගිය ද තවමත් රටේ බහුතර ජනතාව පක්ෂය සමග සිටින බැවින් ඉදිරියේ දී පැවැත්වෙන කුමන මැතිවරණයක් වුවද ජයග්‍රහණය කිරීම පක්ෂයට කිසිදු අභියෝගයක් නොමැති බව ද ලේකම්වරයා අවධාරණය කරයි.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.
පොහොට්ටුවෙන් ගිය අය පක්ෂෙට තර්ජනයක් නෙමෙයි... ඊළඟ ඡන්දෙත් පොහොට්ටුවේ ජය සිකුරුයි – සාගර
2022-09-15T21:48:00+05:30
Gossip Lanka Hot News






