ගෝඨාභයගේ සුරතලා පාඩු ලබන මණ්ඩලයේ කෝටි ගාණක් විනාශ කළේ මෙහෙමයි (VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතලා විදුලිබල මන්ඩලයේ කෝටි ගණන් විනාශ කළ බව සුර්ය බල ඉදිකිරීම් සංගමය චෝදනා කරයි.
එහි සභාපති වෛද්‍ය සම්පත් ශ්‍යාම් පතිරාජ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
අදානි සමූහයේ ගිවිසුමට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අකමැති නිසා ගෙදර එවූ බවත් පැවසූ ඔහු සූර්ය බලශක්ති ව්‍යාපෘති වලට වැඩියෙන්ම අකුරු අකමැති වන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බවද කියා සිටියේය.
සූර්ය පැනල සවි කරගෙන සිටින සාමාන්‍ය ජනතාවට මුදල් නොගෙවුවද ඩීසල් බලාගාර වල මුදල් නියම දිනයටම ගෙවන බවත් පැවසූ ඔහු පාඩු පෙන්වමින් විදුලි බිල වැඩි කලේ පොඩි මිනිහාගේ සල්ලි වලින් මණ්ඩලය ලොක්කන් හොරකම් කරපුවා වහගන්න යයිද පැවසීය.
ගෝඨාභයගේ සුරතලා පාඩු ලබන මණ්ඩලයේ කෝටි ගාණක් විනාශ කළේ මෙහෙමයි (VIDEO)
2022-09-16T06:43:00+05:30
Gossip Lanka Hot News






