ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන ආරක්ෂාවට හා පහසුකම්වලට වැඩියෙන් ආරක්ෂාව සැපයීමට කටයුතු කිරීමට අවශ්‍ය බව පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වෙන හිටපු ජනාධිපතිවරයෙකුට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබා දිය යුතු වන්නේ යුද්ධය පැවති සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු ඔහුට, ක්‍රියාකාරීවන ඩයස්පෝරාවෙන් ජීවිත තර්ජනය ඇතිවීමට ඉඩ ඇති නිසා යැයි ලේකම්වරයා සඳහන් කළේය.
ඔහුට ලබා දෙන පහසුකම් හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විරෝධයක් එල්ල වී නොමැති අතර ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය හා ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇතැයි ද ඔහු පැවසීය.
“අපි හිටපු ජනාධිපතිවරයාව මුණ ගැහෙන්න ගියාට දේශපාලනය ගැන කිසි දෙයක් කතා කළේ නෑ. අනාගත දේශපාලන තීරණ ගැන මොනවත්ම අපිට කිව්වේ නෑ.. අපිත් එක්ක බෙදා ගත්තේ ගෙවුණු මාස එකහමාරක කාලයේදී ලැබුණු අත්දැකීම් විතරයි..”
හිටපු ජනාධිපතිවරයාගේ අනාගත දේශපාලන තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
