gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF කොන්දේසි නිසා දේශීය ණය අවදානමක... චීනයටත් බලපෑම් - මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි

ලංකාවේ ණය වලින් ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ විදේශීය ණය පමණක් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දක්වා නැති බවත් මේ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවධානමක්ද මතුවිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි. 
එසේම, චීනය ලෝකය පුරා රටවල් වලට ඩොලර් බිලියන 1000 ක පමණ ණය ලබාදී තිබෙන නිසා ලංකාවේ ණය කපා හැරීමක් සිදුකළ හොත් එම ණයද කපා හැරීමට චීනයට බලපෑමක් එල්ලවිය හැකි බවත් ඔහු පවසයි.
 
මේ නිසා, චීනය විසින් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කෙසේ කටයුතු කරාවිදැයි තවමත් ප්‍රශ්නයක් ඉතිරිවී තිබෙන බවත් ආචාර්ය විජේවර්ධන සඳහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka