gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ අයවැයෙන් ට්‍රිලියන දෙකක් රනිල් අරගෙන!

රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද අයවැය මගින් රුපියල් ට්‍රිලියන 02කට අධික මුදලක් එනම් රුපියල් කෝටි 217,937කට අධික මුදලක් ඔහු යටතේ තබාගෙන ඇති බව අයවැය ඇස්තමේන්තුව 2022 (ප්‍රතිශෝධන) වාර්තා අනුව අනාවරණය වේ. 
මෙම මුදල ජනාධිපති, මුදල් හා ආර්ථික ස්ථායිකරණ ඇමති, ආරක්ෂක ඇමති සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස රඳවාගෙන තිබේ. ඔහු ඉදිරිපත් කළ අයවැය අනුව රජයේ මුළු වියදම රුපියල් කෝටි 617,700ක් වන අතර එයින් 35.28%ක් මෙලෙස රඳවාගෙන තිබේ.

ජනාධිපති ලෙස රුපියල් කෝටි 304ක්ද මුදල් හා ආර්ථික ස්ථායිකරණ ඇමති ලෙස රුපියල් කෝටි 179,574ක්ද ආරක්ෂක ඇමති ලෙස රුපියල් කෝටි 37,633 සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස රුපියල් කෝටි 429ක්ද වශයෙන් මෙලෙස මුදල් රඳවාගෙන තිබේ.

මෙයට පෙර බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස සිටියදී මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කළ මුදල් පමණක් ඔහු යටතේ තිබුණු අතර රාජපක්ෂ පවුල යටතේ රජයේ මුළු වියදම්වලින් අතිවිශාල පංගුවක් රඳවාගෙන තිබිණි. එයට නොදෙවෙනිව යමින් රනිල් වික්‍රමසිංහගේ තනි පාලනය යටතේ රජයේ මුළු වියදමෙන් 35.28%ක් එනම් රුපියල් කෝටි 217,937ක් රඳවාගෙන තිබේ.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka