ධූරය අත්හැර ගිය හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ආරක්ෂාව ලබා දීම සඳහා පොලිස් ආරක්ෂක කොට්ඨාසයක් පිහිටුවීමට මේ වනතුරුත් කැබිනට් අනුමැතිය ලැබී නැති බව වාර්තා වේ.
රණසිංහ ප්‍රේමදාසගේ බිරිය වන හේමා ප්‍රේමදාසට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති අතර චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හිටපු විධායක ජනාධිපතිවරුන් වෙත වෙනම පොලිස් ආරක්ෂක කොට්ඨාස පිහිටුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එම සෑම පොලිස් කොට්ඨාසයකමට පත් කර ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇත.
මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියක් අවශ්‍ය බවත් හත්වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට තවමත් එවැනි ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී නැති බවත් දැනගන්නට ඇත.
ඔහුට ලබා දෙන්නේ පොලිස් ආරක්ෂාවක් ද හමුදා ආරක්ෂාවක් ද යන්න පිළිබඳව තවම නිශ්චිත තීරණයක් ගෙන නැති බව වාර්තා වේ. කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය සහිතව පිහිටුවිය හැක්කේ පොලිස් ආරක්ෂක කොට්ඨාසයක් බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
- lankasara
