ණය ටිකක් ඉල්ලගන්න රනිල් පිලිපීනයට! රවී ඉල්ලූ සභාපතිකමත් රනිල්ට!
ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ පනස් හත් වැනි සම්මේලනයෙන් ඉල්ලා සිටීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ.
පිලිපීනයේ මැනිලා නුවරදී එම සම්මේලනය ලබන 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සභාපතිත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බවද පැවසේ.
ඒ අනුව මුදල් ඇමති ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමට නියමිතය.
මෙරට මුදල් ඇමැති ධුරයට සභාපතිකම හිමිවන්නේ 2016 දී එවක මුදල් ඇමැති රවි කරුණානායක මහතා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි.
මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි සම්මේලනය පිලිපීනයේදී පැවැත්වෙන්නේ රටේ පවතින ආර්ථික හා අරගලකාරී තත්ත්වය හේතුවෙනි.
මෙම වසරේ මාර්තු මාසයේදී සමුළුව මෙරටදී පැවැත්වීමට නියමිතව තිබුණි.
එහෙත් සුදුසු වාතාවරණයක් නොමැති බව හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මෙම වසර ආරම්භයේදී ආසියානු සංවර්ධන බැංකුවට දැනුම් දී තිබුණි.
ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවල් 68කින් සමන්විතය.

2022-09-24T14:13:00+05:30
Gossip Lanka Hot News