gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 1000 ඉක්මවා බදු නොගෙවූ 7කට නඩු! පොලු රජා ඇලෝසියස්!

රජයට අයවිය යුතු රුපියල් කෝටි දහසකට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හරින ලද මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හතකට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගෙන තිබේ. 
රුපියල් කෝටි 700කට අධික බදු මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත්තේ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන විත්තිකරුවකු වූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම සහ පර්පචුවල් ටෙෂරීස් සමාගම විසිනි.

වසර ගණනාවක් තිස්සේ රජයට අයවිය යුතු ආදායම් බදු ගෙවීම පැහැර හරිමින් අඛණ්ඩව ව්‍යාපාර කටයුතුවල නිතර වූ ඇතැම් සමාගම් මේ වන විට පදිංචි ස්ථානද හැරගොස් තිබෙන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස බදු මුදල් වංචා කරන ලද ඇතැම් සමාගම්වල ප්‍රධානීන් අධිකරණය හමුවට කැඳවීම සඳහා සිතාසි බාර දීමට යාමේ දී අදාළ ලිපිනයන්වල එම ආයතන සහ ප්‍රධානීන් මේ වන විට නොමැති බව අනාවරණය වී තිබේ.

ඇතැම් සමාගම් වසර දහයකට අධික කාලයක් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබුණද සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් තිබුණි.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පර්පචුවල් ටෙෂරීස් සමාගමෙන් රජයට අය විය යුතු රුපියල් කෝටි 532කට අධික (රුපියල් 5,32,84,28,555) බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අතර එම මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබේ.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් 2021 වසරේ මුල් භාගයේදී පවරා තිබූ නඩුවක්, 2022 සැප්තැම්බර් මාසයේදී සලකා බැලුණි.

එම නඩුවේ විත්තිකරුවකු ලෙස බැඳුම්කර වංචාවේ ද විත්තිකරවකු වූ අර්ජුන ඇලෝසියස් නම් කර තිබුණි.

රජයට අයවිය යුතු රුපියල් කෝටි 167ක අධික බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබුණි.

රුපියල් කෝටි ගණනින් බදු මුදල් වංචා කරන ලද කොළඹ කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන තවත් ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයකට එරෙහිවද දීර්ඝ කාලයකට පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගෙන තිබේ.

මූලාශ්‍රය - සතිඅග අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka