නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමට මුදල් නිසි වේලාවට නොලැබීම මත නොවැම්බර් මස මුල් සතියේ දිනකට පැය දහයක් විදුලිය කපා හැරීමට සිදුවුණු ඇති බව දැනගන්නට තිබේ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ද පවසන්නේ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මහ බැංකුව සමග සාකච්ඡා කළ ද මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
කලින් ඇනවුම් කරන ලද ගල් අඟුරු නැව් 21ක් කඩිනමින්් ලබා නොගතහොත් විදුලිය කපා හැරීම නොවැලැක්විය හැකි බව ද හෙතෙම පැවසීය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසන්නේ ගල් අඟුරු නොලැබුණහොත් පැය දහයකට අධික කාලයක් විදුලිය කපා හැරීම අනිවාර්ය බවයි.
නොරොච්චෝල බලාගාරය මෙරට විදුලි ඉල්ලුමෙන් 40%ක් පමණ ප්‍රමාණයක් සපුරමින් ඇති බවත් පැවසූ ඔහු ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා වියළි කාලගුණයක් ඇති නිසා විදුලි සැපයුමට එය බරපතළ තත්ත්වයක් බවද තවදුරටත් පැවසීය.