gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිටින් එන ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ මහ මෝල්ලු මහවැලියේ වී කොල්ලයක!

තරගකාරී මිලකට වී මිලදී ගැනීමට පිට පළාත්වලින් එන වී ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ වී මෝල් මැරයින් ගොවීන්ගේ වී තුට්ටු දෙකට කොල්ලකන ආකාරය පිළිබඳ පොලොන්නරුව ඇතුළු මහවැලි කලාපවලින් වාර්තා වේ.

පොළොන්නරුවේත්  මහවැලි බී කලාපයේත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම අවස්ථාව කර ගනිමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් කිසිම බාහිර ගැනුම් කරුවෙකුට වෙළඳපලට අවතීර්ණ වීමට ඉඩ නොදී   කුණු කොල්ලයට වී කොල්ල කෑම ආරම්භ කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි කිසිම පිට පලාතකින් මෙම ප්‍රදේශවලට වී මිලදී ගන්නන්ට එන්නට ඉඩ නොතබා පොලොන්නරුවේ මහ මෝල්ලුන් තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කරමින් සිදුකරන මේ කොල්ලය රටේ කෘෂිකර්ම ඇමති හෝ වෙළෙඳ ඇමති හෝ කිසිම වගකිවයුත්තෙකුගේ අවධානයට ලක් නොවීම සම්බන්ධව මේ ගොවීන් ඉන්නේ දැඩි කම්පාවකිනි.අනුරාධපුර, මරදගහමුල වැනි  බාහිරින් එන  තරගකාරී ගැනුම්කරුවෙකුට ඉඩ නොතබා ඔවුන් මගින් හරවා යවමින්    මේ වෙනවිට පොළොන්නරුවේ මහ මෝල්ලුන් ගම්බිම්වලට මෙන්ම වී අස්වනු නෙලන ස්ථානයටම පැමින නාඩු, කීරි සම්බා, සම්බා ඇතුළු සියලු වර්ගයේ අමු  වී කිලෝවක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට මිලදි ගනිමින් සිටින බවත් මේ වනවිට ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටින බවත් ගොවි සංවිධාන නියෝජිතවරු ලංකාසරට පැවසුවේ දැඩි වේදනාවෙනි.

“ගොවීන් සහ ආණ්ඩුව හිතපු විදිහට මේ සැරේ අක්කරයට කිලෝ පන්දාහක් හයදාහක් ගන්න බැරි වුනා.   අක්කරෙන් ආවෙ  වී කිලෝ 2500ක් 3500ක් විතර ප්‍රමාණයක්. හේතුව ආණ්ඩුව නියම වෙලාවට රසායනික පොහොර ටික දුන්නෙ නැති එක. “    .

“ඒ හින්දා  පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මේ යලේ වී අස්වැන්න  සියයට පනහකින් අඩු වුනා. අපිට වහ නොකා ඉන්න නම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ මෝල්ලුන්ගේ කොල්ලය නවත්වන්න.   අවම තරමේ වී කිලෝවක් රුපියල් 150කටවත් මිලදී ගැනීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මේ  වෙළෙඳුන්ට රුපියල් එකසිය පනහකට වී කිලෝවක්  ලබා ගැනීමට  සහතික මිලක් නියමකරන්න.“     සේනපුර මහවැලි කොට්ටාසයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ කීවේය.

යළිත් ඔහු ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයන් අපෙන් ප්‍රශ්න කරන්නේ මෙසේය.

“ ඇයි මහ මෝල්ලුන්ට අපිව  තුට්ටු දෙකට කොල්ල කන්න දෙන්නෙ.    රජයේ සහතික මිලට කිසිම ස්ථානයක පොළොන්නරුවේ වී ලබාගැනීමක් වෙන්නේ නෑ. මනම්පිටිය වී කිලෝ ලක්ෂ විස්සක් පුරවන්න  පුළුවන් ගබඩා දෙකක් තියෙනවා. නමුත් මෙතෙක් වී ඇටයක් අරන් නෑ. “

“අනුරාධපුර මරදගහමුල වී මුදලාලිලා  කීයක් හරි වැඩියෙන් අපේ වී ටික ගන්න එද්දී ඒකටත් පොලොන්නරුවේ මුදලාලිලා හරස් වෙලා ඒ අය මගදි හරවලා යවනවා.“

කටමැත දොඩවන නමුත් මෝල්ලුන්ට යටවුන නිවට  කෘෂිකර්ම ඇමතිගේ පූචානම් රෙදි පල්ලෙන් බේරෙන ආකාරය මේ ගොවීහු රටට කියති.

රජය මඟින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගොවියාගේ වී මිලදී ගැනීමට රජයෙන් මෙතෙක් මුදල් ප්‍රතිපාදන ලබාදී නොමැති බවය.

වී අලෙවි මණ්ඩලයෙන් මේ වෙනවිට පොලළොන්නරුව ගබඩාවට කිලෝ හයදාහක් ලබාගෙන තිබෙන බවත්, වී මිලදී ගැනීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගබඩා තිහක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ඔහු කීවේය

මනම්පිටිය නිමල් ජයරත්න
උපුටා ගැනීම : lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka