සජබෙයි-ජවිපෙයි විරුද්ධ වෙයි! ආණ්ඩුව ගෙනා බදු පනත අද සම්මත කරගන්න බැරිවෙයි!
පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය.
න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු කවරේද යන්නය.
මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවය.
එමෙන් ම පනතේ අන්තර්ගතව තිබූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.
මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවය.
එමෙන් ම පනතේ අන්තර්ගතව තිබූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.
සජබෙයි-ජවිපෙයි විරුද්ධ වෙයි! ආණ්ඩුව ගෙනා බදු පනත අද සම්මත කරගන්න බැරිවෙයි!
2022-09-06T16:40:00+05:30
Gossip Lanka Hot News